නීති විරෝධීව මැණික් ගැරූ හතරක් හැවන්දෙණියේ දී අත්අඩංගුවට

Share

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් මැදගම පොලිස් බල ප්‍රදේශයේ හැවන්දෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි පිලිවෙලින් වයස අවුරුදු 27, 56, 62 සහ 65 යන වයස් වල පසුවන්නන් වන බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති අතර එම නිසා එම ප්‍රදේශයේ පරිසරය ටද දැඩි හානි සිදු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News