නිසි ඇගයිමක් නැතිව විශ්‍රාම යන ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කරන්න

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිසි ඇගයිමක් නොමැතිව විශ්‍රාම ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කරන ලෙස තමන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නුවන් කුලසේකර සිය සමුගැනීමේ කථාවෙන් ප්‍රකාශ කළේය.

ඊයේ (31දා) බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කිරිමටද සමත්විය.

“ලසිත්ගේ කථාව නිසයි මාව නැවතත් ජනප්‍රිය වුණේ. මට ශක්තියක් වුණ සියලු දෙනාටම ස්තූතිය ප්‍රකාශ කරනවා. මාත් සමග සිටපු සියලුම නායකයන්ට හා මගේ සහෘද ක්‍රීඩකයන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා.

මගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න. ප්‍රේක්ෂකයන් මාත් එක්ක හිටියා වගේම අපේ ජාතික කණ්ඩායමත් සමග ඉන්න. ඒ ශක්තිය ඔවුන්ට ගොඩක් ඉවහල් වෙනවා. මට විශේෂිත දෙන්නෙක් ඉන්නවා මාව ක්‍රිකට් වලට යොමුකරපු ෂම්මි ප්‍රසන්න අයියා හා මගේ පුහුණුකරු චම්පක රාමනායක සර්.”

Read more

Local News