දිවයින පුරා ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා

Share

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා දිවයින පුරා මධ්‍යස්ථාන 2995 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පෙරවරු 09.30 ට විභාගය ආරම්භ වන බැවින් සෑම විභාග අපේක්ෂකයෙකුම පෙරවරු 09.00 වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු වෙයි.

එමෙන්ම සෑම විභාග අපේක්ෂකයෙකුම විභාග අංකය තම ඇදුමේ වම් පස ඉහලින් පැළද සිටිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

කල්වේලා ඇතිව දරුවන් විභාග මධ්‍යස්ථානයට රැගෙන ඒමට මව්පියන් පියවර ගත යුතු අතර විභාගය අවසන් වන තුරු මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු වීමට අවසර හිමි නොවන බව ද සඳහන්ය.

Read more

Local News