විදුලි සැර වැදීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Share

ගල්නෑව ප්‍රදේශයේදී විදුලි සැරවැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගල්නෑව බස්නැවතුම්පල ඉදිරිපිට ගොඩනැඟිල්ලක ඉහළ මහලක ඉදිරිකිරිම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු විදුලි සැරවැදී එම මහලින් බිමට ඇඳ වැටී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්නෑව ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි අයෙක්.

මෘත ශරිරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද(03) සිදු කිරීමට නියමිතයි.

Read more

Local News