කිසිඳු බියකින් තොරව පෙරහැර නැරඹීමට පැමිණිය හැකියි

Share

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ආරක්ෂාව තර කර ඇති බැවින් ජනතාවට කිසිඳු බියකින් තොරව පෙරහැර නැරඹීම සඳහා පැමිණිය හැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව පිළිබඳව ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විටත් ආරක්ෂක වැඩපිළිවලක් දියත් කර ඇති බව දියවඩන නිලමේවරයා පවසයි.

මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ඊයේ(02) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

Read more

Local News