දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(03) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල, ඉමදුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද අලුයම 5.40 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම ඩුබායිහි නිෂ්පාදිත රුපියල් 6,50,000 ක් වටිනා දුම්වැටි 13,000 ක් අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News