බස් රථ අනතුරකින් 52ක් රෝහලට – 06ක් මරුට

Share

වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇත.

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් තවත් පුද්ගලයින් 52ක් තුවාල ලබා ඇති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන් අතර පිරිමි 43ක් , කාන්තාවන් 8ක් සහ කුඩා දරුවෙක් සිටී.

අද (04) උදැසන 5.15ට පමණ ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

Read more

Local News