සංඝරත්නයට අපහාස කරන දේශපාලඥයින්ට දඩුවම් දිය යුතුයි

Share

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන්ගෙන ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අපහාස කිරීමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් හිඳ රටේ සමඟිය සංහිඳියාව නැති කිරීමේ උත්සහයක් ලෙස මෙය හැඟෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන නායකයින් තම තමන්ගේ පක්‍ෂවල ඉන්න එවැනි උදවිය ඉවත් කිරීමට, දඩුවම් කිරීමට පියවර ගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ තත්ත්වයට වගකියන්න ඕනේ කවුද කියා ජනතාව තීන්දු කළ යුතුයැයි ද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අද (04) පෙරවරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ගුණානුස්මරන මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී විපක්ෂ නායක මහතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඉන්දුනීසියාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය පඤ්ඤාවරෝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ගෞරවාර්හ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධනයන මහත්වරුන්ද එක්වූහ.

Read more

Local News