දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන වැඩකරපු යුගය අවසන් බව තලතා කියයි

Share

දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන වැඩකරපු යුගය අද අවසන් කර රටේ නීතිය ක්‍රියාත්මක වන යුගයක් වත්මන් රජය මඟින් නිර්මාණය කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

2019 අ‌ගෝස්තු මස 04 වන දින රත්නපුර ප්‍රදේශයේදී කුඩු ජාවාරමේ යෙදී සිටි රත්නපුර නගර ප්‍රාදේශීය දේශපාකයකුගේ ලේ ඥාතිවරියක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ,

“රත්නපුර දිස්ත්‍රික්කයේ නොයෙකුත් අවස්ථාවල කුඩු ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු අපිට දැනගන්නට ලැබිලා තිබුනා නමුත් අද රත්නපුර නගරයේ ප්‍රාදේශීය දේශපාලඥයකුගේ ලේ ඥාතීත්වයක් තියෙන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමත් එක්ක අද ඒ සම්බන්ධයෙන් අපිට කරුණු අනාවරණය වෙලා තියෙනවා. දසකයකට ආසන්න කාලයක් තිස්සේ මේ ජාවාරම කෙරීගෙන යන විත්තිය එදා කොටකෙතන ප්‍රදේශයේ ඝාතන වැලක් සිද්ධ වෙන අවස්ථාවකත් නොයෙකුත් විදිහේ කටකතා පැතිරුණා.

ඉතින් මේ වෙලාවෙදී මේ දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන වැඩකරපු යුගය අද අවසන්වෙලා රටේ නීතිය ක්‍රියාත්මක වන නිසා මේ අය මේ වැරදි කරන අය නීතිය හමුවට ගේන්න පුළුවන් වීම ගැන අපිට රජයක් හැටියට සන්තෝෂ වෙන්න පුළුවන් වගේම අපි මේ අවස්ථාවේ ස්වාධීනව කටයුතු කරමින් ඒ නීතිගරුක විදිහට මේ කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුවට වගේම මත්කුඩු රකුසාගෙන් මේ රට බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න පසුබිම හදපු අය හැටියට අපි විශේෂයෙන්ම ඒ අයට කෘතවේදීත්වය පුද කරනවා.” යැයි අමාත්‍යවරිය පැවසීය.

Read more

Local News