රට මුහුණ දී ඇති ප්‍රධානම ගැටලුව ජාතික සමඟිය බිඳ වැටීමයි

Share

මේ රට මුහුණ දී ඇති ප්‍රධානම ගැටලුව ජාතික සමඟිය බිඳ වැටීම බවත් ජාතික සමගිය ගොඩනැගීම මතින් රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි බවත් කන්ද උඩරට උරුමයන් සංවර්ධන මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ පිලිබඳව සඳහන් කළේ උපාධිදාරීන් 750කට රජයේ රැකියා පත්වීම් ලබාදීම සඳහා වූ මහනුවර දිස්ත්‍රීක් ලේඛම් කාර්යාලයේ පැවති උත්සවයක් ආමන්ත්‍රණය කරමිනි.

රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීම වෙනුවන් රාජ්‍ය සේවකයාට වැඩි වගකීමක් ඇති බවත් එම කර්තාව්‍ය සිදුකිරීමට පහසුම පුද්ගලයින් වනුයේ රාජ්‍ය සේවකයා වන බවත් ජාතින් අතර ඇති ගැටලුව විසඳීමට සෑම ජාතියකටම සමානව සැලකීම මගින් සිදු කල හැකි බවත් පත්වීම් ලබාගන්නා සියලු උපාධිදාරීන් තම මවුබිම වෙනුවෙන් ඒ කර්තාව්‍යට දායක වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සී.ඩබ්ලිව්. ඩබ්ලිව්  කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු මෙරට  අධ්‍යාපනයේ සිදුවූ විශේෂම පෙරලිය වූයේ එක්සත් ජාතික පක්ෂ අධ්‍යාපන අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා ඇතිකළ මහපොල ශිශ්‍යත්ව ක්‍රමය බවත් ඒ හරහා අඩු ආදායම් ලාභී පවුල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන පසුබිම සකසා දීමට හැකියාව ලැබුනු බවත් අමාත්‍යරයා සඳහන් කළේය.

වත්මන් එක්සත් ජාතික පක්ශ රජය යටතේ උසස් අධ්‍යාපන දූරය දරණ සමයේ විශ්වවිද්‍යාල වල නේවාසික පහසුකම් පිලිබඳව පැවති ගැටලුව සම්පූරණයෙන්ම තුරන් කිරීමටත් විද්‍යාපීඨ හයක් බිහි කිරීම මගින් රටේ දුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලඟා කරවීම උදෙසා කටයුතු කිරීමට තමාට හැකියාව ලැබුන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

තවද රටට විශාල අඩුවක්ව පැවති වෛද්‍ය පීඨ දෙකක් කුරුනෑගල සහ සබරගමුව ඉදි කිරීම තමාගේ දූර කාලයේ සිදු කල බවත් සඳහන් කර සිටියා.

පවතින එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රටේ සෑම ප්‍රදේශයකටම විහිදී ගිය සංවර්ධනයක් සිදු කිරීමට හැකියාව ලැබුන බවත් එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාදිපති අපේක්ශකයා කවුද යන්න පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තම පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ වගකීම සම්පූරණයෙන්ම පැවරී ඇත්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අවසන් තීරණය බවත්ය.

පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් වූවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසු කම් පිලිබඳව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එංගලන්තයේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක් සහ ආර්ථික විද්‍යාව පිලිබඳව ඇති හොඳම විශ්ව විද්‍යාලය වන  London School of Economics විශ්ව විද්‍යාලයේ උපාදියක් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සතු බවත් සහ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රී වරයකු වශයෙන් වසර ගනනාවක් තිස්සේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලබාගත් දැනුම සම්භාරය අති විශාල බවත් එම දැනුම උපාධි කිහිපකින් ලබාගත නොහැකි බවත්ය.

Read more

Local News