කළගෙඩිහේනේ සිද්ධියට අදාළ 8 දෙනාට ඇප

Share

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර තිබේ.

මෙම පිරිස අද(05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

ඒ අනුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, වින්දිතයින්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කිරීමට නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

අදාළ සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබීය.

පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

Read more

Local News