ඩයගම තේ වතුයායේ නිවාස පෙළක ගින්නකින් පවුල් 09 ක් අවතැන් – ඡායාරූප

Share

ඩයගම “චන්දිරිගාමම්” තේ වතුයායේ, වතු නිවාස අංක 05 හේ නිවාස පේළියක ඊයේ(05) රාත්‍රී 09.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් නිවාස 12 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව එහි පදිංචිව සිටි පවුල් 09 ක සාමාජිකයින් 49 දෙනෙක් අවතැන්ව සිටිති.

මෙම නිවාස වල තිබූ වතු කම්කරුවන්ගේ වටිනා ලියකියවිලි ඇතුළු සියලු දේපළ ගින්නෙන් විනාශයට පත්ව ඇති අතර මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඩයගම පොලීසිය පවසයි.

අවතැන්වූවන් දැනට චන්ද්‍රිගාමම් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතර එහි පාසල් ළමයින් 10 දෙනෙක් සිටින බවට වාර්තා වෙයි.

අවතැන්වුවන් සඳහා ආගරපතන ප්‍රාදේශිය සභාව මගින් පහසුකම් සපයා ඇත.

ඩයගම පොලීසියේ නිලධාරින් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩ පවත්වා පැතිරයාම වළක්වමින් නිවා දමා තිබේ.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැකකරන බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ඩයගම පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

Read more

Local News