සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ඊයේ(06) අදහස් පළ කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ පියා ලංකාවේ හොරට මැතිවරණයක් ජයග්‍රහණය කළ එකම පුද්ගලයා බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එකම එක ජනාධිපතිවරයෙක් යටතේ රටේ පාරවල් දිගේ මිනි තිබුණ බවත් පැවසු දිසානායක මහතා, සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වයට පැමිණෙන්නේ නම් ඒවා ගැන මතක් කළ හැකි යැයි ද කියා සිටියේය.