කංජිපානි තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Share

ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නැමති පාතාල කල්ලි නායකයා නිරීක්ෂණය සඳහා අද(07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඔහු රඳවා සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකාර කන්ජිපානි ඉම්රාන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා ඉදිරියට පමුණුවනු ලැබු බව සියත වාර්තාකරු පවසයි.

අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ  ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරු රඳවාගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව සැකකාර කංජිපානි ඉම්රාන් තවදුරටත් සැප්තැම්බර් මස 4වනදා තෙක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට නියම කළේය.

Read more

Local News