කඩු නැවත ඉල්ලන්නේ හජ්ජි උත්සවයට බිලි පුජා පවත්වන්න

Share

පාස්කු ප්‍රහාරයෙන් පසු විවිධ ස්ථානවලින් සොයා ගන්නා ලද කඩු සහ කිනිසි වැනි අවි ආයුධ පොලීසිය විසින් යළි පැරණි අයිතිකරුවන් වෙත ලබා දීම සාමයට එරෙහිව ගත් පියවරක් පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ජාතික පුවත්පතක පළ වූ පුවතක් සම්බන්ධයෙන් අද(07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

උන්වහන්සේ පවසා සිටියේ වෙලන්ගහවත්ත, උඩුනුවර සහ වෙලම්බඩ අදි ප්‍රදේශයන්වලින් මහා පාරිමාන ලෙස සොයා ගත් අවිආයුධ යළි එම පල්ලි වෙත ලබාදීම අතිශය නිතීවිරෝධි ක්‍රියාවක් බවයි.

ජාතික පුවත් පතේ පළ කළ පුවත සත්‍ය නම් පැහැදිලි වන්නනේ රටේ පොලීසි ත්‍රස්තවාදී ක්‍රියා සඳහා වක්‍ර ලෙස උදවු කරන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය.

මේ අතර අත්අඩංගුවට ගත් අවි ආයුධ සම්බන්ධයෙන් කිසිදු නිතීමය වැඩපිළිවෙලක් සිදුව නොමැති බවට පැහැදිළි බවත් එලෙස වැඩපිළිවලක් සිදු වුණා නම් මෙම අවි ආයුද තිබිය යුතුතේ උසාවියේ බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙයි.

පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී සැමරීමට නියමිත හජ්ජි උත්සවය සඳහා බිලි පුජා පැවැත්වීමට මෙම කඩු යළි ඉල්ලන බවයි.

Read more

Local News