කරුකුපනේ වෙරළින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

Share

හලාවත-කරුකුපනේ වෙරළට නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

අද(07) දහවල් එම ප්‍රදේශයේ ධීවරයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව පොලීසිය දැණුවත් කර ඇත.

මළ සිරුරේ මුහුණේ කැපුම් තුවාලයක් දක්නට ඇති බවත්, ඒ අනුව මෙම මරණ සැක සහිත බැවින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News