විපක්ෂ නායක හා පාරම්පරික දුම්කොළ වගාකරුවන් හමුවෙයි

Share

අද (07) පෙරවරුවේ පාරම්පරික දුම්කොළ වගාකරුවන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිවසේදී හමුවිය.

මෙහිදී ඔවුන් දුම්කොළ වගාකිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළේය.

මාතලේ, පුත්තලම, දඹුල්ල, ගලේවෙල, පොළොන්නරුව හා කල්පිටිය යන ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි පිරිස් මෙම අවස්ථාවට එක්වීය.

මෙහිදී අදහස් දැක්වූ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කෘෂිකර්මාන්තය දියුණු කිරීම අපේ ප්‍රතිපත්තිය වුවත් මෙම රජය කර්මාන්තපුර හදනවා කියමින් සිටිනවා හැර මේ වනතෙක් කරපු දෙයක් නොමැති බව පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඉන්දික අනුරුද්ධ, නිමල් ලංසා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්ම මහත්මීන් ද එක්විය.

Read more

Local News