කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 21 දක්වාත් මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 46 දක්වාත් ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කර තිබේ.

පවතින වර්ෂාවත් සමඟ මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි  යට වු නටබුන් රැසක් මේ වන විට ජලයෙන් යට වෙමින් පවති.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලාශ වල ජල මට්ටම 20% දක්වා පහල වැටි තිබුණි.

Read more

Local News