කෝප් කමිටුව මාධ්‍යයට විවෘත වෙයි

Share

කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව හෙට(09) දිනයේ සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සවස 2.30ට කමිටුව රැස්වෙන අවස්ථාවේ සිට එහි වැඩකටයුතු මාධ්‍යයට විවෘත වනු ඇතැයි කථානායකවරයා අද(08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

කෝප් කමිටුවේ විමර්ශන කටයුතු සියල්ල ඉදිරියේ දී මාධ්‍යයට ලබා දීමට මෙයින් අවසර හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සහ බලතල පනත යටතේ අදාළ සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Read more

Local News