පාසල් නිවාඩු සමයේ බදුල්ලට විශේෂ දුම්රියක්

Share

පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මගීන් සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් අද(08) සිට ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී රංජිත් පත්මලාල් මහතා පවසයි.

මෙම විශේෂ දුම්රිය අගෝස්තු 08, 09, 10, 11, 12, 13 සහ 14 යන දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07.20ට පිටත්වී අළුයම 4.43ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවනු ඇත.

එසේම අගෝස්තු 9, 10, 11, 12, 13 සහ 14 දිනවල රාත්‍රී 08.00 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වන එම දුම්රිය අළුයම 5.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවද නියෝජ්‍ය වාණිජ අධිකාරිවරයා පවසයි.

Read more

Local News