අගමැතිට වඩා හොඳයි පඹයෙක් හිටියා නම්

Share

වත්මන් ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවට අවස්ථා රැසකදී ඔප්පුකර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ පිළිබඳව අඳහස් පල කළේය.

විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් රටට හෙළිදරව් වෙමින් පවතින අතර එනිසා තමන් මෙම තේරීම් කාරක සභාවට පූර්ණ වශයෙන්ම පක්ෂපාතී බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“අගමැතිට ප්‍රහාරය පිළිබඳ තොරතුරු එන්නේ නෑ. විපක්ෂ නායකට එනවා. තවත් ඇමතිවරුන්ට එනවා. හරීන් ප්‍රනාන්දුගේ තාත්තාත් දැනගන්නවා. ජනාධිපතිත් දැනගත්තේ ෆේස්බුක්වලින්ලු.

මේ ඔක්කෝම ටික එකට දාගත්තාහම අංගොඩ පිස්සු කොටුවට ගියා වගේ දැනෙන්නැද්ද?

අපේ රටේ කැබිනම් මණ්ඩලය ගැන හිතනකොට මැවෙන්නේ අන්න එහෙම චිත්‍රයක්.

ඒ නිසා මේ සියලු දෙනාම අසමත්.

අගමැති දන්නේ නෑ කියන එක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

එහෙනම් මොකටද මේ අගමැතිකම. ඊට වඩා හොඳයි පඹයෙක් හිටියානම්.

මේ ආණ්ඩුවේ ඒකමතිකත්වයක් නෑ.”

Read more

Local News