කොළඹ කුණු අද සිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට

Share

කෙරවලපිටිය අංගනයට කසළ බැහැර කිරීම අත්හිටුවීමත් සමඟ අද (08) තෙවන දිනටත් කොළඹ නගරයේ තැන තැන කසළ ගොඩගැසී තිබෙනු දක්නට ලැබුණි.

මේ අතර කොළඹ මහනගරසභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ,කොළඹ නගරයේ දෛනිකව එක්රැස්වන කසළ අද සිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ වනවිට ඒවායෙන්  දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් පවතියි.

කෙරවළපිටිය අංගනයට කසළ බැහැර කිරීම අත්හිටුවීමත් සමඟ පසුගිය සඳුදා සිට මෙලෙස කොළඹ නගරයේ කසළ ගොඩගැසී ඇත.

කසළ ඉවත්කිරීමේ නිරත නගරසභා සේවකයන් පවසන්නේ බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් ලබා නොදීම හේතුවෙන් කසළ එම ස්ථාන වලම අත්හැර තැබීමට සිදුව ඇති බවයි.

මේ අතර කොළඹ මහනගරසභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ අද දිනයේ සිට කොළඹ මහනගර සභා සීමාවේ එක්රැස්වන කසළ පුත්තලම අරුවක්කාලු කසල අංගනයට රැගෙන යාමට කටයුතු කරන බවයි.

එහෙත් දැනට කොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත්කිරීම අද දිනය තුළ අවසන් කිරීමට නොහැකිවනු ඇති බවද ඔහු සඳහන් සඳහන් කළේය.

Read more

Local News