වරෙන්තු පිට සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට

Share

පානදුර හොරණ ප්‍රදේශයේ දී රන්මාලයක් කොල්ලකා වරෙන්තු පිට සැඟව සිටි කාන්තාවක් අද (08) දහවල් බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීගහකිවුල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මෙම කාන්තාවගේ සැමියා ලෙස පෙනී සිටි පුද්ගලයෙකුද ඊයේ (07) දිනයේ බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුද වරෙන්තු හා මුදල් වංචා කීපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනාම අද (08) දින බදුල්ල අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කන්දකැටිය පොලීසිය, බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීහු මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News