ඉදිරි මාස දෙක තුළ ඌව පළාතේ පූර්ණ අධ්‍යයනයක්

Share

ඉදිරි මාස දෙක තුළ ඌව පළාතේ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

අද ඌව පළාත් නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න බදුල්ල ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී සිය වැඩ බාරගත් අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය එතරම් යහපත් තත්ත්වයට නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂය මේ පවතින ආකාරයෙන් ඉදිරියටත් අර්බුදකාරී ලෙස පැවතුණහොත් ජයග්‍රහණය කිරීමට අපහසු වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කවුරුන් ඉදිරිපත් වේදැයි අවසාන මොහොත උදා වන තෙක් කිව නොහැකි බවත් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය පවතින තත්ත්වය තුළ ජයග්‍රහණය ලැබීම ඉතාමත්ම අපහසු කරුණක් වනු ඇති බවත් නමුත් සම්පූර්ණ අලුත් මුහුණු ඉදිරිපත් කළහොත් ජයග්‍රහණය සඳහා යම් බලපෑමක් කළ හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News