පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ 41කගේ බැංකු ගිණුම් අත්හිටුවයි

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 41 දෙනෙකුට අයත් බැංකු ගිණුම් අත්හිටුවා තිබේ.

රුපියල් මිලියන 134කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම් මෙලෙස අත්හිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

එමෙන්ම ඔවුන්ට අයත් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුතු වත්කම් පිළිබඳවද අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News