රෝහල් තුළ කිසිදු ඖෂධ හිඟයක් නැති බව රාජිත කියයි

Share

මෙරට රෝහල් තුළ කිසිදු ඖෂධ හිඟයක් නැති බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඊයේ(09) මේ බව සඳහන් කළේය.

පුවත්පත්වල පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා ඖෂධ හිඟය සම්බන්ධව වෛද්‍ය සැපයුම් අංශය නිවේදනය ද නිකුත් කර තිබූ බව පැවසීය. එමෙන් ම රත්නපුර, බදුල්ල, කරාපිටිය රෝහල් අධ්‍යක්ෂකවරු ඖෂධ හිඟයක් නොමැති බවට ප්‍රකාශ කර තිබෙන බව ද සඳහන් කළේය.

පරිගණක පද්ධය මඟින් ඖෂධ හිඟයක් පවතින රෝහල් හඳුනාගත හැකි බවත් ළඟ රෝහලෙන් ඖෂධ ලබාගැනීමට බලය ලබදී තිබෙන බව කී අමාත්‍යවරයා, එසේ නොමැති නම් පිටින් ඖෂධ ලබාගැනීමට මිලියන 10ක මුදලක් මුදලින් රෝහල්වලට ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News