අපි පවුලකට සීමා වුණු දේශපාලන පක්ෂයක් නෙවෙයි

Share

හුදෙක් එක් පවුලකට පමණක් සීමා නොවී තම පක්ෂය සමඟ එක්ව සිටින සියළු දේශපාලන බලවේගයන්ට සවන් දෙමින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ ඊයේ (11) පස්වරුවේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“අපි පවුලකට සීමා වුණු දේශපාලන පක්ෂයක් නෙවෙයි.

අපේ තියෙන්නේ නානාවිධ දේශපාලන අදහස් තියෙන දේශපාලන බලවේග.

ඒ අයත් සමඟ සාකච්ඡා කරලා තමයි අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ.

ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගනිමින් සියළුම බලවේග වලට සවන් දෙමින් තමයි අපි ඒ තීරණය ගන්නේ.”

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන්දැයි මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ තමන් අපේක්ෂකයා නොවන බවයි.

Read more

Local News