බස්-යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ දිප්පිටිගල ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක්, පෞද්ගලික බස් රථයක් පසුකරගෙන යාමට උත්සහ කිරීමේදී බස් රථයේ ගැටී පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී බස් රථයේ පිටුපස රෝදයට යටවීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර, සන්නස්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News