වැල්ලවායේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

Share

වැල්ලවාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පුද්ගලයන් සිවුදෙනකු පමණ ඊයේ (11) රාත්‍රියේ දී පොලු මුගුරු රැගෙන එක් වරම නිවසට පැමිණ නිවසේ ජනෙල් දොරවල් කඩා දමා පොලිස් නිලධාරීයාට නිවස තුළම බිම දමාගෙන පොලු මුගුරු වලින් පහර දී ඇත.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීයාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වන විට බුත්තල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් විසින් නිවසේ තිබූ භාණ්ඩ රැසක් සහ ජනෙල් දොරවල් රැසක් කඩා විනාශ කර ඇති අතර සැකකරුවන් මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මත බුත්තල පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News