මැතිවරණ කොමිසම් සභාව අද රැස් වෙයි

Share

මැතිවරණ කොමිසම් සභාව අද රැස් වන අතර එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් අනතුරුව පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා මන්ත්‍රිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පුරප්පාඩු වු මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් විය.

කෙසේවෙතත් ඔහුට මන්ත්‍රි ධුරය යළි ලබා දීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේ වනවිට මතුව ඇති අතර ඒ පිළිබඳව අද රැස්වන මැතිවරණ කොමිශන් සභාව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්කරන සහ ඉවත් කරන නම් ඇතුළත් ඒ.බී ලැයිස්තු ලබන 23 වනදා සිට ග්‍රාම නිළධාරී කාර්යාල වල ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Read more

Local News