ගෝඨා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

පිරිහී තිබෙන රට නැවත නඟා සිටුවීමේ අරමුණ පෙරදැරිව ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනාධිපතිධූරයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව එහිදී ධර්මානුශාසනාව කරමින් ලංකාරාමාධිකාරී රලපනාවේ ධම්මජෝති නාහිමි සඳහන් කළහ.

අටමස්ථානාධිපති” උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමි බැහැදැක අෂ්ටපිරිකර පූජා කර  ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා උඩමලූවට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව උඩමලූවට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ ජය පිරිත සඤ්ජායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාටත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සෙත් පැතූ අතර ආගමික වතාවත් අවසානයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු මැද පළාත නියෝජනය කරන දේශපාලන නායකයින් රැසක් සහභාගි වූහ.

ඊයේ සවස රුවන්වැලි මහා සෑය අභියස පැවැති ආගමික වතාවත්වලට එක්වු මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා එදින රාත්‍රීයේ අනුරාධපුරයේ දේශපාලන නියෝජිතයින් හමුව සුහඳ සාකච්ඡාවක ද නිරත විය.

Read more

Local News