අපේ සංවර්ධනය ජනතා හදවත් වලට දැනෙනවා

Share

ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරමින් රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුකළ එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රට තුළ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අද රටේ සෑම කොනක්ම නිහඩව සංවර්ධනය වීගෙන යනවා. අපි පම්පෝරි ගහන්නේ නැහැ.  පෙර පැවති රජයන් විසින් සිදුකළ කාර්යයන්ට වඩා, ඒවාට ලබාදුන්න ප්‍රචාරණය වැඩියි.

නමුත් අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන, ස්වෛරීභාවය, ඒකියභාවය ආරක්ෂාවන පරිදි, ජනතා හදවත් වලට දැනෙන පරිදි සමස්ත රටම එකම ආකාරයෙන් සංවර්ධනය කරන්නයි.

අපි ඒ දේ කරගෙන යනවා. මම මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉන්න දවස්වල තමයි ප්‍රචාරණය වෙනුවෙන් නාස්ති කරන මුදල් ප්‍රමාණය අවම කළේ.

සමහර අවස්ථා වලදී අපි කරන සංවර්ධන කාර්යයන් රටට පෙන්නුම් කරන්න නොලැබෙන එක අවාසියක් තමයි. නමුත් අපි සැබෑ සංවර්ධනයක් කරන නිසා, ඒ සංවර්ධනය ජනතා හදවත් වලට දැනෙනවා. “

Read more

Local News