ගාමිණි ජයවික්‍රම අද ජනපති කොමිසමට එන්නේ නෑ ?

Share

රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදුකර තිබුණි.

කෙසේවෙතත් තමාට අද දිනයේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

Read more

Local News