ශ්‍රී ලංකාවට ලකුණු 410ක ඉලක්කයක්

Share

නවදිල්ලියේ ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා –  ඉන්දීය අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ අද (6) ශ්‍රී ලංකාවට තවත් ලකුණු 379ක් ලබා මේ තරගයෙන් ජය ගැනීමේ අභියෝගය ලැබී තිබේ. ඉන්දියාව තම දෙවන ඉනිම කඩුලු පහකට ලකුණු 246ක් ලබා සිව්වන දින තේ පානයෙන් ඕවර කිහිපයකට පසු නතර කර ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේ දී ලකුණු 410ක් ලබා ජය ගැනීමට ඉලක්කයක් ලබා දුන්නේය. එහෙත් තරගය නතර කරන විට ලංකා පිල කඩුලු තුනක් දැවී ලබා සිටියේ ලකුණු 31ක් පමණකි.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3 ලකුණු 31ක් තුළ දවා ගැනීමට රවින්ද්‍ර ජඩේජා හා මොහොමඩ් සාමි සමත් වූහ.

සිව්වන දින තරගය නිම වන විට ධනංජය ද සිල්වා හයේ පහරක් සමග නොදැවී ලකුණු 13ක් ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු නොලබා ද සිටියහ.

 

 

 

Read more

Local News