ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය ලබන 23 වැනිදා සිට

Share

2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ඇති.

ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

යම් පුද්ගලයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතියි.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News