ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අද ජනපති කොමිසමට

Share

මත්තල ගුවන්තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම සහ රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කිරීම සම්බන්ධ පැමිණිල්ල සඳහා ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් මහතා අද (15) දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පෙනි සිටින ලෙස අජිත් ඩයස් මහතාට දැනුම් දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා භූමිය තුළ ඇති රත්තරන් ආකරවල රන් මිශ්‍ර පස් නීති විරෝධී ලෙස අපනයනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල පිළිබදව ද ඛනිජ සම්බ්ධ භූ විද්‍යා මූලාචාර්ය කේ.එම්.අමරසේන මහතා අද දිනයේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

මේ අතර අද දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් නිල ඇඳුම වෙනුවට වවුචර් ලබාදීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ල ද ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධව ඇති පැමිණිල්ලක් ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී විභාගයට ගැනීමට නියමිතව ඇත.

ඊට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගම් උදාව සදහා සමරු ඵලක ලබාගැනීමේ දී සිදුව ඇති වංචා සම්බන්ධ පැමිණිල්ල ද මාර්ග සංවර්ධන අධිකාරිය තුළ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබා දී ඇති නීත්‍යානුකු නොවන පත්වීම් සම්බන්ධ පැමිණිල්ලක් ද අද දින විභාග කිරීමට නියමිත බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News