විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා

Share

ආචාර්ය එන්. එම් පෙරේරා මහතාගේ 40 වැනි ගුණසමරුව වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ  (14) පැවැත් විය.

ඒ රාජගිරිය ආයුර්වේද වටරවුමේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී.

ඊයේ පස්වරුවේ පැවති මෙම සැමරුම් උත්සවයට එක්සත් වාමාංශික පෙරමුණේ සමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදි අදහස් දැක්වු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති  නීතීඥ ලාල් විජේනායක මහතා පැවසුවේ ආචාර්ය එන්. එම් පෙරේරා මහතා රටට සුවිශේෂි කර්ය භාර්යයක් ඉටු කළ පුද්ගලයෙක් බවයි.

වසර 30ක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායෙක් ලෙස සේවය කර ඇති අතර එම කාලය තුල මුදල් අමාත්‍යවරයා ලෙසත් විපක්ෂ නායක ලෙසත් කටයුතු කර ඇති බවද එ මහතා පැවසීය.

එහිදි අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ ආචාර්ය එන්. එම් පෙරේරා මහතාගේ ප්‍රතිපත්ති අදටත් වලංගු වන බවයි.

එමෙන්ම එහිදි ඔහු පැවසුවේ විධායක ජනාධිපති ධුරය අහොසී කිරීමටද ඉදිරියේදි කටයුතු කරන බවයි.

Read more

Local News