ෆොන්සේකාට එජාපයේ අපේක්ෂකයා ගැන කියන්න අයිතියක් නෑ

Share

ජාතික ලැයිස්තුවෙන් පත් කළ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය කළ නොහැකි බව සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පවසයි.

මාතලේ, අකුරම්බඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීමට විවිධ පාර්ශව සිදුකරන ඉල්ලීම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනාම සිටින ජයග්‍රහනයක් තුල සිටිය යුතු බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය යුතු කිසිඳු අර්බුදයක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News