කේරළ ගංජා තාෙගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් අද (15) අළුයම යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් මණ්ඩතිව් පුල්ලෙයාර් කෝවිල අසල සිදුකල පා මුර සංචාරයක් අතරතුරදි යතුරු පැදියක් මඟින් ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරික්ෂණය කර ඇති අතර, සිදුකල පරික්ෂාවේදි  සැකකරු ලඟ තිබි මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

නාවික හමුදා බාරයට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන ත‍ල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව හඳුනාගෙන තිබේ.

නාවික හමුදා බාරයට ගත් සැකකරු, යතුරු පැදිය සහ කේරළගංජා තොගය ඉදිරි  පරික්ෂණ කටයුතු සඳහා පලාලි, පොලීසිය වෙත භාර  දීමට කටයුතු කරන ලදි.

Read more

Local News