සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන

Share

සියළු ආගම්වල දරු දැරියන් ඒ ඒ ආගම්වල දහම් අධ්‍යාපනය සඳහා යොමු කිරීමේ වැදගත්කම උතුරේ හින්දු පූජකවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කර තිබේ.

දරුවන් කුඩාකල සිට ආගමික, ආධ්‍යාත්මික සංවර්ධනය සදහා යොමු කිරීමෙන් අන්තවාදී හා හිතුවක්කාර පරපුරක් බිහිවීම වලක්වා ගත හැකි බව ඔවුන් පෙන්වාදී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) පෙරවරුවේ යාපනය ආදීනම් කෝවිලේදී හින්දු පූජක පක්ෂය හමුවූ අවස්ථාවේ ඔවුන් මේ බව පෙන්වාදී තිබේ.

යුද්ධයෙන් විනාශ වූ කෝවිල ගණනාවක්ම යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වී ඇති බව එම පූජකවරුන් එහිදී සඳහන් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි අයවැයෙන් ඒ සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

දැනට පවතින සියළුම ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් සපයන බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබේ.

Read more

Local News