අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමකින් 2ක් මරුට

Share

ග්‍රෑන්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී තියුණු ආයුධවලින් ඇන පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තිබේ.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවු ගැටුමකින් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද(15) සවස 4.15 ට පමණ ත්‍රීරෝද රථ දෙකකින් මෙම පිරිස පැමිණ ඇති අතර එහිදී එක් ත්‍රීරෝද රථයක පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් විසින් අනෙක් ත්‍රීරෝද රථයේ සිටි දෙදෙනෙකුට මන්නා පිහි පිහිවලින් ඇන මෙම ඝාතනය සිදු කර තිබේ.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ආනමාළු රංග සහ තවත් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News