හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ගෑන්ඩිපාස් පොලිස් වසමේ නගර සභා පුස්තකාලය අසලදී ඊයේ(16) රාත්‍රී 9.15 ට පමණ හෙරාෙයින් ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක්වු අයෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අද(17) මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News