එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ

Share

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පස්වරු 4.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහිකිරීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවධානයට යොමු කෙරෙන බව වාර්තා වෙයි.

එමෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රිවරුන් සහ පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට සුදානමින් සිටින බවද වාර්තා වෙයි.

Read more

Local News