හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි රැස් වෙයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (20) යළි රැස්විමට නියමිතයි.

එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ දී එම සභාව රැස්වන බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින්ගෙන් හෙට සාක්ෂි ලබාගැනීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන අය කාරක සභාව හමුවේ පෙනි සිටිනු ඇත.

Read more

Local News