රුහුණු සරසවි සිසුන් 19දෙනා යළි රිමාන්ඩ්

Share

නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාල සිසුන් 19දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අප වාර්තාකරු සදහන් කළේය.

නවකවදයට ලක්වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් මීළඟ නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අමානුෂික නවක වදයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම සිසුන් 19 දෙනා පසුගිය 06 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

Read more

Local News