ඉදිරියේ දී වැස්සේ වැඩිවීමක්

Share

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු පළාත්වල, විශේෂයෙන් නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ තද වැසි ද වයඹ පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක වැසි ද ඇති විය හැකියි.

Read more

Local News