ප්‍රථම වරට වේදනා පාලන හෙද පුහුණුවක් ලබන මස ආරම්භ කෙරේ

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව විශේෂ නිපුණතා සහිත හෙද නිලධාරීන් පුහුණු කිරීමට අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව “වේදනා පාලන හෙදියන්” පුහුණු කිරීමේ පාඨමාලාව ලබන මස ආරම්භ කිරීමට නියමිතයි.

වේදනා පාලන හෙද පුහුණුව මෙරට ප්‍රථම වරට ආරම්භ කරන අතර එහි පළමු කණ්ඩායමට 42 දෙනෙකු ඇතුලත්.

පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගිනි.

2019සැප්තැම්බර් 2 වැනිදා ජාතික රෝහල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්. බී. සී. සමන්මලී මහත්මිය ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නව සංකල්පයක් අනුව ඒ ඒ ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශේෂඥ පුහුණුව ලැබූ හෙදියන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රවණතාවට ගරු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ අනුව දැඩි සත්කාරක හෙදියන්, හදිසි ප්‍රතිකාරක හෙදියන්, ආසාදන පාලන හෙදියන්, ළමා රෝග පාලන හෙදියන් ආදී වෙනත් ක්ෂේත්‍රයන් ආවරණය කරමින් පුහුණු පාඨමාලා පවත්වන බව හෙද අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේය.

Read more

Local News