ජනරාල් මහේෂ් සේනානායක සහ ජනපති හමුවෙයි ‌

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත වී තිබේ.

හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා සමරු තිළිණයක් ද පිළිගැන්වීය.