වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (21) ඇතුලත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වමට අයත් ලින්ස්ටඩ් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට උදසැන 11.00ට පමණ බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙක් සහ වතු කම්කරු කාන්තාවන් 11 දෙනෙකු රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තේ වත්තේ විශාල ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුනු බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් සඳහන් කළේය.

තේ වතුයායේ වැඩ කරන වතු කම්කරුවන්ට දිගින් දිගටම මෙවැනි බඹර ප්‍රහාර එල්ල විමේ ප්‍රවනතාවය වැඩි නිසා තේ වතුයායේ බැද තිබෙන බඹර කුඩු විනාශ නොකර බඹරුන් එම ස්ථානවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් බිගු සම්පත සුරකිමේ සංවිධානය සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා ගන්නා ලෙස වතු අධිකාරිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News