කොළඹට කොටුවට යන්න බෝට්ටු 3ක් හෙට සිට

Share

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය හෙට(22) දින සිදු කිරීමට නියමිතයි.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි.

මහානගර අමාත්‍යාංශය මඟින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි.

වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

මෙම යාත‍්‍රා සේවාව හෙට දින මහනගර ඇමති චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

රථ වාහන තදබදයට විසඳුම් ලෙස මේ වන විටත් මහානගර අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කර ඇති අතර සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ද කි‍්‍රයාවට නංවා තිබේ.

තවද මේ පිළිබඳව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පළකළ අදහස්  ඇතුළත් හඬපටයක් ද විද්‍යුත් තැපෑලට යොමුකර ඇත.

Read more

Local News